Facebookහි පළ කළ ප්‍රකාශයකට අදාළව අයෙක් අත්අඩංගුවට

ත්‍රස්ත කණ්ඩායමකට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට

by Staff writer 25-04-2019 | 7:08 AM
COLOMBO (News 1st) - ත්‍රස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු බණ්ඩාරගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සැකකරු මුහුණු පොතේ පළ කරන ලද ප්‍රකාශයකට අනුව ඔහු අත්අඩංගුවට ගත් බව ය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රධාන කාර්යාලයේ සහකාර රථ වාහන පරීක්ෂකවරයෙකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.