UPDATE:ගුවන්තොටුපොළ ඉදිරිපිට මාර්ගය යළි විවෘත කරයි

UPDATE: කටුනායක ගුවන්තොටුපොළ ඉදිරිපිට මාර්ගය යළි විවෘත කරයි

by Staff writer 25-04-2019 | 10:47 AM
COLOMBO (News 1st) 10.47AM - කටුනායක ගුවන්තොටුපොළ ඉදිරිපිට මාර්ගය යළි විවෘත කර තිබේ. අද උදෑසන ගුවන්තොටුපොළ ඉදිරිපිට මාර්ගය වසා දැමුවේ, සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කිරීම හේතුවෙනි. කෙසේ වෙතත් අදාළ පරීක්ෂා කිරීම් මේ වන විට සිදු කර අවසන් බව පොලීසිය පවසයි. මේ අතර ගුවන්තොටුපොළේ කටයුතු නැවත සාමාන්‍ය පරිදි සිදු වන බව ගුවන්තොටුපොළ බලධාරීහු පවසති. ----------------------------------------------------------------------------------------------------------------------------------------- කටුනායක ගුවන්තොටුපොළ ඉදිරිපිට මාර්ගය මේ වන විට තාවකාලිකව වසා දමා තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, ගුවන්තොටුපොළ පිටත රථ ගාලේ සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීම නිසා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව ය.