අමෙරිකාවේ සරම්ප රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළට

අමෙරිකාවේ සරම්ප රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළට

by Staff writer 25-04-2019 | 1:30 PM
(News 1st) - අමෙරිකාවේ සරම්ප රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි එරට බලධාරීහු තහවුරු කළහ. රෝග මර්දනය පිළිබඳ අමෙරිකානු මධ්‍යස්ථානය සඳහන් කළේ, මේ වන විට එරටින් සරම්ප රෝගීන් 695 දෙනෙකු වාර්තා වී ඇති බව ය. 2000 වසරේදී අමෙරිකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. සරම්ප ඇතුළු බෝවන රෝග වැළැක්වීමට ලබා දෙන එන්නත් පිළිබඳ ව්‍යාජ තොරතුරු ව්‍යාප්ත වීම එලෙස සරම්ප රෝගය පැතිර යාමට හේතුවකි. මේ අතර යුනිසෙෆ් සංවිධානය සඳහන් කළේ, බ්‍රිතාන්‍යයේ ද දරුවන්ගෙන් ලක්ෂ 5කට අධික සංඛ්‍යාවකට 2010ත් 2017ත් අතර කාලසීමාව තුළ සරම්ප රෝගයට අදාළ එන්නත ලබා දී නොමැති බව ය. එම වාර්තාවට අනුව අදාළ කාලසීමාව තුළ ලොව පුරා දරුවන් මිලියන 169කට ද සරම්ප වැළැක්වීමේ පළමු එන්නත ලබා දී නොමැත.