ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීම අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ඩ්‍රෝන යානා ඇතුළු සියලු මාදිලියේ නියමුවන් රහිත යානා ගුවන්ගත කිරීම අත්හිටුවයි

by Staff writer 25-04-2019 | 7:19 AM
COLOMBO (News 1st) - වහාම ක්‍රියාත්මක වන පරිදි ඩ්‍රෝන යානා ඇතුළු සියලු මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, මේ යටතේ දැනට නිකුත් කර ඇති සියලු අවසර පත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු වන බව ය. ඒ අනුව නැවත දැනුම් දෙන තුරු ඩ්‍රෝන යානා ඇතුළු සියලු මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීමෙන් වළකින්නැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.