පාස්කු දින ප්‍රහාරය සඳහා පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් 8 දෙනෙකු හඳුනා ගැනේ

පාස්කු දින ප්‍රහාරය සඳහා පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් 8 දෙනෙකු හඳුනා ගැනේ

පාස්කු දින ප්‍රහාරය සඳහා පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් 8 දෙනෙකු හඳුනා ගැනේ

කර්තෘ Staff writer

25 Apr, 2019 | 7:34 am

COLOMBO (News 1st) – දිවයින පුරා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද අලුයම 4.00ට ඉවත් කෙරිණි.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, ගත වූ පැය 12 තුළ කිසිදු සිදුවීමක් වාර්තා නොවූ බව ය.

එහෙත් දීප ව්‍යාප්ත සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව ද හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මේ අතර පාස්කු දින ප්‍රහාරය සඳහා පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවන් 09 දෙනාගෙන් 8 දෙනෙකු හඳුනාගෙන ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කර ගෙන ඇති බව ය.

ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් සංඛ්‍යාව 60කට අධික ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඒ අතරින් 32 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින බව ය.

තවත් සැකකරුවන් 4 දෙනෙකු පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා සිටියි.

පසුගිය ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් පුද්ගලයින් 359 දෙනෙක් මිය ගියහ.

ඒ අතර විදේශිකයින් 39 දෙනෙකු ද වේ.

ඉන් තවමත් හඳුනාගෙන ඇත්තේ, 20 දෙනෙකුගේ සිරුරු පමණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]