පොලිසිය සොයමින් සිටි වාහනවලින් 2ක් සොයාගැනේ..

වෑන් රථයක් ඇතුළු පොලිසිය සොයමින් සිටි වාහනවලින් 2ක් සොයාගැනේ..

by Staff writer 24-04-2019 | 9:35 AM
COLOMBO (News 1st) වරකාපොළ අඟුරුවැල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරිමේ දී වෑන් රථයක් සොයාගත් බව පොලිසිය පවසයි. ඊයේ රාත්‍රී කළ සෝදිසි මෙහෙයුමේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර, පොලිසිය සඳහන් කළේ, එම නිවසේ තිබී යතුරුපැදියක් සහ සන්නිවේදන උපකරණ 4ක් ද සිය භාරයට ගත් බවයි. පොලිසිය භාරයට ගත් අදාළ වෑන් රථය සහ යතුරුපැදිය සැකසහිත වාහන වලින් 2ක් බවට මේ වන විට අනාවරණ වී තිබේ. මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු එම නිවසේ සිටිය දී අත්අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව ඔවුන් සමඟ සබඳතා පැවැත් වූ තවත් සැකකරුවෙකු හෙම්මාතගම පොලිස් වසමේදී අත්අඩංගුවට ගත් බව, පොලිසිය පවසයි. මේ අතර, පොලිසිය සඳහන් කළේ, පාස්කු ඉරිදා සිදුවු ප්‍රහාර වලින් සිදුවු මරණ සංඛ්‍යාව 359 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.