රාත්‍රී 10.00 සිට යළි ත් පොලිස් ඇඳිරි නීතිය

අද (24) රාත්‍රී 10.00 සිට යළි ත් පොලිස් ඇඳිරි නීතිය

by Sagarika Chathumali 24-04-2019 | 5:48 PM
COLOMBO (News 1st) : අද (24) රාත්‍රී 10.00 සිට හෙට (25) අලුයම 4.00 දක්වා දිවයින පුරා යළිත් වරක් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරවලින් මේ වනවිට මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 359 කි. කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මීගමුව කටුවාපිටිය දේවස්ථානය සහ මඩකලපුව සියෝන් දේවස්ථානයට ඉරිදා ප්‍රහාර එල්ල විය. කොළඹ ෂැංග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ් සහ කිංස්බරි හෝටල් ත්‍රස්තවාදීන්ගේ තවත් ඉලක්ක 3කි. දෙහිවල සත්ත්වෝද්‍යනය ආසන්නයේ ලැගුම් හලක සහ දෙමටගොඩ මහවිල උද්‍යාන පාරේ නිවසක් තුළදී තවත් සැකකරුවන් කිහිප දෙනෙක් බෝම්බ පුපුරුවා ගනිමින් ජීවිතක්ෂයට පත්වූහ. මෙම ප්‍රහාර මාලාවෙන් මිය ගිය විදේශිකයින් 39 දෙනාගෙන් 20 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන සිරුරු ඥාතීන්ට භාරදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.