මාදම්පෙන් ඊජිප්තු ජාතිකයෙකු අත්අඩංගුවට

මාදම්පේ ජාත්‍යන්තර පාසලක සිටි ඊජිප්තු ජාතිකයෙකු අත්අඩංගුවට

by Staff writer 24-04-2019 | 4:19 PM
COLOMBO (News 1st) : මාදම්පේ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක සිටි ඊජිප්තු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු සතුව වීසා බලපත්‍ර හෝ විදේශ ගමන් බලපත්‍රයක් නොමැති බව ය. ලද තොරතුරකට අනුව සැකකාර විදේශිකයා අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, පසුගිය දිනවල සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින්ට මෙම සැකකරු පුහුණුවීම් ලබා දී තිබේ ද යන්න පිළිබදව ප්‍රශ්න කරගෙන යන බව ය. මෙම සැකකරු ද කටුවාපිටිය දේවස්ථානය තුළදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකළ ඝාතකයාගේ මුහුණුවරට සමාන අයෙකු බව පොලීසිය සඳහන් කළේ ය. සැකකරු 44 හැවිරිදි ඊජිප්තු ජාතිකයෙකි. ඔහු හෙට හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.