ප්‍රහාර මෙහෙය වූ සැකකරුවන් සොයා පුළුල් මෙහෙයුම්..

ප්‍රහාර මෙහෙය වූ සැකකරුවන් සොයා පුළුල් මෙහෙයුම්..

by Staff writer 24-04-2019 | 7:05 AM
COLOMBO (News 1st) ත්‍රස්ත ප්‍රහාර මෙහෙය වූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා අද සිට පුළුල් මෙහෙයුම් ආරම්භ කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. මේ අතර ත‍්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ සැකකටයුතු පුද්ගලයන්, වාහන සහ ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් පිළිබඳ දැනුම් දීමට යුද හමුදා මූලස්ථානය විශේෂ දුරකතන අංක කිහිපයක් හඳුන්වාදී තිබේ. ඒ අනුව යම් සැකකටයුතු ක‍්‍රියාකාරකම් සම්බනධයෙන් තොරතුරු ඇත්නම් 011-2434251, 011-4055105, 011-4055106, සහ 011-2433335 යන දුරකථන අංකවලට දැනුම් දිය හැකියි.