ඩුබායි සිට පිටුවහල් කළ තවත් පුද්ගලයෙකු මෙරටට..

ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ තවත් පුද්ගලයෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු භාරයට..

by Staff writer 24-04-2019 | 9:06 AM
COLOMBO (News 1st) පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහි දී අත්අඩංගුවට ගත් අබු බකර් මොහොමඩ් බදුර්දීන් නැමැත්තා මෙරටට පිටුවහල් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, ඔහු මෙරටට පැමිණ ඇත්තේ අද අළුයම බවයි. ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මොහොමඩ් බදුර්දීන් වැල්ලම්පිටිය ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙක්. නේවාසික වීසා මත ඔහු ඩුබායි හී රැඳී සිට ඇත්තේ 2002 වසරේ සිටයි.