ජනපති ධුරකාලය දීර්ඝ කිරීමට ඊජිප්තු ජනතාව මනාප වෙයි

ජනපති ධුර කාලය දීර්ඝ කිරීමට ඊජිප්තු ජනතාව මනාප වෙයි..

by Staff writer 24-04-2019 | 9:46 AM
ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි ට 2030 තෙක් බලයේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙන පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කිරීම අනුමත කරමින් එරට ජනතාව සිය ඡන්දය මගින් අනුමැතිය ලබා දී තිබේ. ඊජිප්තු මැතිවරණ කොමිසම සඳහන් කළේ පසුගිය සෙනසුරාදා සිට දින තුනක් පැවති ජනමත විචාරණයේදි මෙම අනුමැතිය ලබා දී ඇති බවයි. සියයට 90 කට ආසන්න ඡන්දදායකයන් පිරිසක් , මෙම සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කර ඇත. නව සංශෝධනවලට අනුව අබ්දෙල් ෆටා අල් සිසි ගේ වත්මන් ධූර කාලය වසර හයක් දක්වා දීර්ඝ කෙරෙන අතර 2024 වසරේදී ඔහුට යළිත් වසර හයක ධූර කාලයක් වෙනුවෙන් තරඟ වැදීමට අවස්ථාව සලසනු ඇති .