ගිනිඅවි 2ක් සමග සැකකරුවෙකු අල්ලයි

ගිනිඅවි සහ ඊයම් බෝල සමග සැකකරුවෙකු අල්ලයි

by Staff writer 24-04-2019 | 2:26 PM
COLOMBO (News 1st) : මෙරටදී නිෂ්පාදිත ගිනිඅවි දෙකක් සමග ගම්පොළ, ලෝරාවත්ත පන්විලතැන්න ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු සතුව තිබී ඊයම් බෝල 78ක් ද සිය භාරයට ගත් බවයි. 41 හැවිරිදි සැකකරු කඳුරුවෙල, මානික්කම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.