බලංගොඩ, කිරිමැටිතැන්න නිවසක් පරීක්ෂා කෙරේ

කිරිමැටිතැන්නේ නිවසකින් පාර්ලිමේන්තු අවසර පත් සමග මාර්ග සැලැස්මකු ත් හමුවෙයි

by Sagarika Chathumali 24-04-2019 | 8:18 PM
COLOMBO (News 1st) : බලංගොඩ, කිරිමැටිතැන්න ප්‍රදේශයේදී අද පස්වරුවේ සැක කටයුතු වාහනයක් සහ නිවසක් පරීක්ෂා කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, එම නිවස තුළ තිබී පාර්ලිමේන්තුවට ඇතුළු වීමේ අවසර පත් කිහිපයක්, ජීව උණ්ඩ 2ක්, සිම් කාඩ්පත් කිහිපයක් සහ මාර්ග සැලැස්මක් සොයාගෙන ඇති බවයි. වාහනය පරීක්ෂා කිරීමේදී දක්නට ලැබී ඇත්තේ, එහි පිටුපස තට්ටුව මත තවත් තට්ටුවක් සකස් කර ඇති ආකාරයයි. 27 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. https://www.youtube.com/watch?v=RgIPsuul9Kk