by Sagarika Chathumali 24-04-2019 | 2:11 PM
COLOMBO (News 1st) : කටාන, තිඹිරිගස්කටුවේ අවන්හලක තිබූ සැකකටයුතු පාර්සලයක් ආරක්ෂක අංශ විසින් පුපුරවා හරිනු ලැබ තිබේ.
පොලීසිය සඳහන් කළේ, අවන්හලක ආසනයක් මත තබා තිබූ මෙම සැකකටයුතු පාර්සලය පිළිබඳව අද පෙරවරුවේ එහි සේවකයින් විසින් පොලීසිය දැනුවත් කිරීමෙන් පසු ගුවන් හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශය කැඳවා පරීක්ෂා කිරීම් සිදු කිරීම සඳහා එය ආරක්ෂිතව පුපුරවා හැරි බව යි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා කැඳවා ඇතැයි ද පොලීසිය ප්‍රකාශ කළේ ය.
මේ අතර වැල්ලවත්ත, සැවොයි සිනමා හල ආසන්නයේ නවතා තිබූ සැකකටයුතු යතුරු පැදියක ආසනය විවෘත කිරීමට ආරක්ෂක අංශ පිපිරීමක් සිදුකළේ ය.
පොලිස් මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ ලද තොරතුරක් මත අදාළ යතුරුපැදිය පරීක්ෂා කළ බවයි.
කෙසේ වෙතත් යතුරු පැදියේ තිබී කිසිදු පුපුරණ ද්‍රව්‍යක් හමු නොවූ බව ද පොලීසිය සඳහන් කළේ ය.
මේ අතර ඊයේ රාත්‍රී වරකාපොළ, අඟුරුවැල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී වෑන් රථයක් ,යතුරු පැදියක් හා සන්නිවේදන උපකරණ කිහිපයක් සොයාගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ ඔවුන් සමග සබඳතා පැවැත්වූ හෙම්මාතගම සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බවයි.
පොලීසිය භාරයට ගැනුණු අදාළ වෑන් රථය සහ යතුරුපැදිය මීට පෙර සැක සහිත වාහන ලෙස පොලීසිය දැනුවත් කළ වාහනවලින් 2ක් බවට මේ වන විට අනාවරණය වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ මෙහෙයුම්වලදී ප්‍රශ්න කිරීම සඳහා පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
බේරුවල , දර්ගා නගරය ,කටාන කටුවාපිටිය හා වරකාපොළ යන ප්‍රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත්තේ, පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්වයි.
දර්ගා නගරයේ සහ බේරුවල ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 6කි.
කටාන, කටුවාපිටිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 6කි.
මේ අතර, වරකාපොල ප්‍රදේශයේ නිවසක කළ සෝදිසි මෙහෙයුමකදී එහි තිබි සැකකටයුතු යතුරු පැදියක් සහ සන්නිවේදන උපකරණ කිහිපයක් පොලීසිය භාරයට ගෙන තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ, එහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි.
කොම්පඤ්ඤ විථිය ඇතුළු ප්‍රදේශවල සැක කටයුතු වාහන හා යතුරු පැදි සොයා රථවාහන පරික්ෂාවට ලක් කෙරෙන බව පොලීසිය පැවසී ය.
මේ අතර, පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 359 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.