ආරක්ෂිත පුපුරුවා හැරීමක් යනු කුමක් ද?

ආරක්ෂිත පුපුරුවා හැරීමක් යනු කුමක් ද?

by Sagarika Chathumali 24-04-2019 | 6:43 PM
COLOMBO (News 1st) : පසුගිය පාස්කු දින මෙරට සිදුවූ බෝම්බ පිපිරීම්වලින් පසු උද්ගතව ඇති තත්ත්වය හුමවේ, අද දිනයේ ආරක්ෂ අංශ ස්ථාන කිහිපයකදී ආරක්ෂිත පුපුරුවා හැරීම් කිහිපයක් සිදු කළේ ය. එහෙත් ආරක්ෂිත පුපුරුවා හැරීමක් යනු කුමක් ද? සහ එය සිදු කරනු ලබන්නේ කුමන අවස්ථාවකදී ද යන්න බොහෝ දෙනාට අපැහැදිලි කරුණක් වන්නට පිළිවන. මේ ඒ පිළිබඳ පැහැදිලි කිරීමකි... හමුදා මාධ්‍ය ඒකකයට අනුව කිසියම් සැකකටයුතු යමක් හමුවූ විට එමගින් අවට ජනතාවගේ හා ඒ පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පිටත්ව ගිය පිරිසගේ ජීවිතවලට හානිදායක තත්ත්වයක් උද්ගතවනු ඇතැයි, නිශ්චය කර ගැනීමෙන් පසු ආරක්ෂක අංශ විසින් ගනු ලබන පූර්ව ආරක්ෂණ පියවරකි. ආරක්ෂක අංශ පැහැදිලි කරන්නේ, ආරක්ෂිත පුපුරුවා හැරීමකදී අදාළ බෝම්බයේ ඩෙටනේටරය පුපුරුවා හැරීමකට ලක් කරන බවයි. මෙම පියවර මගින් බෝම්බය ක්‍රියාත්මක වීම වළක්වනා මෙන්ම විය හැකි විශාල පාලනය කෙරේ. සැක කටයුතු යමක් හමුවූ වූ විට ගනු ලබන පළමු පියවර ආරක්ෂිත පුපුරුවා හැරීම නොවන අතර එවන් අවස්ථාවක ආරක්ෂ අංශවල පළමු පියවර වන්නේ, අදාළ බෝම්බය නිශ්ක්‍රිය කිරීමයි. එහෙත් බෝම්බය නිශ්ක්‍රිය කිරීම වඩාත් අවදානම් සහගත තත්ත්වයක පවතී නම්, එවන් අවස්ථාවකදී එය ආරක්ෂිතව පුපුරුවා හැරීමකට ලක් කරයි. කිසියම් සැකකටයුතු යමක් නිසා ජීවිතවලට තර්ජනයක් විය හැකි බවට විශ්වාස කරන අවස්ථාවකදී සහ ඊට වෙනත් විකල්පයක් නොමැති බවට නිශ්චය කර ගත් අවස්ථාවකදී ආරක්ෂ අංශ විිසන්  උපක්‍රමයක් ලෙස ආරක්ෂිත පුපුරුවා හැරීමක් සිදු කරනු ලබයි.