මන්ත්‍රී විජයදාස ජනපතිගෙන් කළ ඉල්ලීම...

ආරක්ෂක ලේකම් හා පොලිස්පති අත්අඩංගුවට ගන්නැයි, මන්ත්‍රී විජයදාස ජනපතිගෙන් ඉල්ලයි

by Sagarika Chathumali 24-04-2019 | 7:39 PM
COLOMBO (News 1st) : ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි. මන්ත්‍රීවරයා එම ලිපියෙන් පෙන්වා දෙන්නේ, පසුගිය 04 වන දා බුද්ධි අංශ තොරතුරු ලබාදී තිබියදී එම තොරතුරු රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයාට ත්, අග්‍රාමාත්‍යවරයා පවසන පරිදි එතුමන්ට ත් වසන් කරමින් විශාල මනුෂ්‍ය ඝාතනයක් සිදුවන බව දැන දැනම ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා දැන දැනම අපරාධයක් සිදුකර ඇති බවයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, ඔවුන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ එකී චෝදනාවන්ට වැරදිකරුවන් බවයි. ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන නිසි දඬුවම් ලබා දෙන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.