හදිසි අවස්ථාවන් සඳහා බෙල් 212 සූදානම්

හදිසි අවස්ථාවන් සඳහා බෙල් 212 සූදානම්

by Staff writer 23-04-2019 | 4:13 PM
COLOMBO (News 1st) - හදිසි අවස්ථාවකදී භාවිත කිරීම සඳහා කොළඹ නගරය ආශ්‍රිතව බෙල් 212 වර්ගයෙන් හෙලිකොප්ටර් යානයක් සූදානමින් තබා ඇතැයි ගුවන් හමුදාව පවසයි. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ හදිසි ගිනි ගැනීම් වැනි ආපදා තත්ත්වයකදී මෙම හෙලිකොප්ටර් යානයට ජලය ලීටර් 900ක් රැගෙන යා හැකි බව ය. මේ අතර ඊයේ සහ අද මීගමුව සහ කොළඹ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ ඇල්ල, බණ්ඩාරවෙල හා හපුතලේ ප්‍රදේශ ආශ්‍රිතව අද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ය.