ෂැංග්‍රිලා හෝටලයේදී පිපිරීම සිදු වූ අයුරු

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ෂැංග්‍රිලා හෝටලයේදී පිපිරීම සිදු කළ අයුරු (CCTV)

by Staff writer 23-04-2019 | 10:19 PM
COLOMBO (News 1st) - පසුගිය ඉරිදා ස්ථාන කීපයකදී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලදී එක් ඉලක්කයක් වූයේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයයි. ෂැංග්‍රිලා හෝටලය මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් 2ක් සිදු වූ ස්ථානයක්. අදාළ පිපිරීම සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු පැමිණ ඇති අතර මෙම පිපිරීම් මාලාවේ සැලසුම්කරු ලෙස සැලකෙන මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් හෙවත් සහරාන් හෂීම් නමැත්තා ද මේ අතර වේ. එම හෝටලයේ 6 වන මහලේ සිට බෝම්බ රැගෙන ආ බවට සැක කරන පුද්ගලයින් දෙදෙනෙකු 3 වන මහලේ පිහිටි ආපන ශාලාව වෙත පැමිණ බෝම්බ පුපුරුවා ගත් අයුරු පහතින් දැක්වේ. https://www.youtube.com/watch?v=Hb0PlyjYD1s