ත්‍රස්ත ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේදී අනාවරණයක්

ත්‍රස්ත ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේදී අනාවරණයක්

by Staff writer 23-04-2019 | 2:50 PM
COLOMBO (News 1st) : පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර පසුගිය දා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් සංහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස එල්ල කර ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද පාර්ලිමේතුවේදී හෙළි කළේ ය. රාජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු හෙළි කළේ, අද පැවති විශේෂ පාර්ලිමේන්තු රැස්වීම අමතමිනි. ඉස්ලාම් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවත් ඔවුන් JMI සහ තව්හිත් ජමාල් වැනි සංවිධාන සමග සමීප සබඳතා පවත්වා ඇති බවට ද තොරතුරු ඇතැයි, රාජ්‍ය අමාත්‍යවරයා හෙළි කළේ ය. රාජ්‍ය අමාත්‍යවරයා සිය ප්‍රකාශයෙන් අවධාරණය කර සිටියේ, ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට නම් සියලු අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව කඩිනම් පියවර ගත යුතුව ඇති බවයි. මේ අතර ත්‍රස්ත ප්‍රහාරයක සැලසුමක් ඇති බවට තමන් 2016 නොවැම්බර් 18වන දා හෙළිදරව් කළ බව හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසී ය. තව්ෆික් ජමාත් සංවිධානයට අයත් පවුල් 4ක පුද්ගලයින් 32ක් විදෙස්ගත වී IS සංවිධානයේ පුහුණුවා ලබා පැමිණ ඇති බව තමන් එදින හෙළිකළ බවත් එහිදී එවක ඇමතිවරුන් මාධ්‍ය හමු කැඳවා තමන් බොරුකාරයෙකු ලෙස හංවඩු ගැසූ බව ත් එහිදි පැවසී ය. තවද මුජිබර් රහුමාන් තමාට ශාප කළ බවත් ඒ අනුව පසුගියදා සිදු වූ මිනීමැරුම් සම්බන්ධයෙන් එදා තමා හංවඩු ගැසූ මුජිබර් රහුමාන් ඇතුළු ඇමතිවරුන් වගකීම භාරගත යුතු බවත් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ ය. https://www.youtube.com/watch?v=E-siLa_RsJw