"ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරය අදහාගන්න බැහැ"

ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ලාංකිකයින් සමග සිටින බව ජනපති ට්‍රම්ප් කියයි

by Staff writer 23-04-2019 | 12:15 PM
COLOMBO (News 1st) : ත්‍රස්තවාදයට එරෙහි සටනේදී තමා සහ අමෙරිකානු ජනතාව ශ්‍රී ලංකාව සමග සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අවධාරණය කරයි. අමෙරිකානු ජනතාව සහ තමා , ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් වෙනුවෙන් සංවේගය පළ කරන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කළේ ය. ඉකුත් පාස්කු දින උදෑසන මෙරට දේවස්ථාන සහ තරුපහේ හෝටල් කිහිපයකට එල්ලවූ ප්‍රහාරය ඉතා බිහිසුණු ක්‍රියාවක් බව පැවසු ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර අදහාගත නොහැකි දෙයක් බව ද වැඩිදුරටත් සඳහන් කළේ ය. අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් සමග එක්ව ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට කටයුතු කරන බවයි .