අසත්‍ය ප්‍රචාර පැතිරවූ දෙදෙනෙකු බන්ධනාගාරගත කෙරේ

අසත්‍ය ප්‍රචාර පැතිරවූ දෙදෙනෙකු බන්ධනාගාරගත කෙරේ

by Staff writer 23-04-2019 | 10:42 PM
COLOMBO (News 1st) - පානීය ජලයට වස මිශ්‍ර කර ඇති බවට අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු බ්ලූමැන්ඩල් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් කොළඹ 15, මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. ඔවුන් දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ ප්‍රතිපාදන අනුව කොළඹ අංක 06 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කෙරිණි. මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලීසිය පවසයි.