අමල් පෙරේරා ඇතුළු 6ක් ඩුබායි රටින් පිටුවහල් කෙරේ

අමල් පෙරේරා ඇතුළු 6ක් CID අත්අඩංගුවට

by Staff writer 23-04-2019 | 6:21 AM
COLOMBO (News 1st) : පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු ඇතුළු 6 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අදාළ පිරිස අද අලුයම 5 ට පමණ ඩුබායි සිට දිවයිනට පැමිණි බවයි. ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.