ජනපති බෝම්බ ප්‍රහාරය එල්ල වූ කටුවාපිටිය දේවස්ථානට යයි

ජනපති බෝම්බ ප්‍රහාරය එල්ල වූ කටුවාපිටිය දේවස්ථානට යයි

ජනපති බෝම්බ ප්‍රහාරය එල්ල වූ කටුවාපිටිය දේවස්ථානට යයි

කර්තෘ Staff writer

23 Apr, 2019 | 12:51 pm

COLOMBO (News 1st) : ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද උදෑසන පසුගිය දා බෝම්බ ප්‍රහාරයට ලක්වූ මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එහිදී ජනාධිපතිවරයා මීසම් සේවක පියතුමන් වන ගරු ශ්‍රී ලාල් ෆොන්සේකා පියතුමන් හමුවී සමස්ත කිතුණු බැතිමතුන් වෙනුවෙන් සිය බලවත් කනගාටුව හා සංවේගය පළ කළ බවයි.

දේවස්ථානයේ නැවත ඉදිකිරිම් කටයුතු සොයා බැලූ ජනාධිපතිවරයා, එම ඉදිකිරීම් ඉක්මණින් නිම කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස යුද හමුදාවට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඛේදජනක සිදුවීමෙන් අනතුරට පත්වුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ ජනාධිපතිවරයා විපතට පත් සියලු ජනතාව වෙනුවෙන් සහන සැලසීමට පියවර ගෙන ඇති බව පැවසූ බවයි.

මේ අතර පාස්කූ ඉරු දින දේවස්ථානයේ දේව මෙහෙයට එක්ව සිටියදී එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අය වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමට ද ජනාධිපතිවරයා අද එක්විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]