මත්ද්‍රව්‍ය කිලෝ 275ක් නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය කිලෝ 275ක් සමග යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

by Staff writer 22-04-2019 | 1:30 PM
COLOMBO (News 1st) : ඊසානදිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී හෙරොයින් බවට සැකකෙරෙන නීති විරෝධි මත්ද්‍රව්‍ය තොගයක් සමග යාත්‍රාවක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක , දුමින්ද ඉසුර සූරිය බණ්ඩාර මහතා සඳහන් කළේ, එහි තිබී හෙරොයින් බවට සැක කෙරෙන නීති විරෝධි මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 275 ක් පමණ සිය භාරයට ගත් බවයි. නාවික හමුදාව මේ සමග සැකකරුවන් 5 දෙනෙකු ද අත්අඩංගුවට  ගෙන තිබේ.