හදිසි මරණ පරීක්ෂකවරුන්ට දැනුම්දීමක්

හදිසි මරණ පරීක්ෂකවරුන්ට දැනුම්දීමක්

by Staff writer 22-04-2019 | 9:36 AM
COLOMBO (News 1st) : වහා ම අදාළ රෝහල් වෙත ගොස් බෝම්බ ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින්ගේ මරණ පරීක්ෂණ කටයුතු සිදුකරන ලෙස අධිකරණ අමාත්‍යංශය හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටී. එම අමාත්‍යංශය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ, ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ දේහයන් කඩිනමින් ඥාතීන් වෙත භාරදීම සඳහා කටයුතු කළ යුතුව ඇති බැවින් මියගිය පුද්ගලයින්ගේ සිරුරු තැන්පත් කර ඇති රෝහල් වෙත ගොස් අදාළ පරීක්ෂණ කටයුතු සිදු කර දෙන ලෙසයි.