by Staff writer 22-04-2019 | 7:14 PM
COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ පිපිරීම් සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු අද දිනයේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලිස් කණ්ඩායම් කළ මෙහෙයුම්වලිනි.
පොලීසිය පැවසුවේ, කඳාන ප්‍රදේශයේදී සන්නිවේදන උපකරණ තොගයක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි.
ගම්පොළ සහ කටුගස්තොට ප්‍රදේශවලින් ද සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.