පිපිරීම් ගැන සෙවීමට ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක්

පිපිරීම් පිළිබඳ සොයා බැලීමට විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත් කෙරේ

by Staff writer 22-04-2019 | 12:41 PM
COLOMBO (News 1st) : දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිතුමා විසින් විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත් කරනු ලැබ තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්. කේ.ඉලංගකෝන් යන මහත්වරුන්ගෙන් මෙම විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලය සමන්විත වේ. ඛේදවාචකයට මුල් වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම අදාළ සිදුවීම් සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබඳව කරුණු සොයා බලා සති දෙකක් ඇතුළත වාර්තා කරන ලෙස මෙම පරීක්ෂණ මණ්ඩලයට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.