කොච්චිකඩේදී නිශ්ක්‍රීය කිරීමට ගිය බෝම්බයක් පුපුරා යයි

by Staff writer 22-04-2019 | 4:31 PM

COLOMBO (News 1st) - කොච්චිකඩේ දේවස්ථානය ආසන්නයේ සැක කටයුතු වාහනයක තිබූ බෝම්බයක් නිශ්ක්‍රීය කිරීමට යාමේදී පුපුරා යයි.

මෙම පිපිරීමෙන් කිසිවෙකුටත් හානි නොවූ බව පොලීසිය පවසයි. මේ අතර කොච්චිකඩේ, රත්නම් පාර ප්‍රදේශයේ ද සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වේ.