කහගොල්ලේ තිබී ටී.56 උණ්ඩ 152ක් සොයා ගැනේ

කහගොල්ලේ තිබී ටී.56 උණ්ඩ 152ක් සොයා ගැනේ

by Staff writer 22-04-2019 | 10:12 AM
COLOMBO (News 1st) : දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ තිබී ටී. 56 උණ්ඩ 152 ක් සොයා ගෙන තිබේ. ගුවන් හමුදාව පැවසුවේ, ඒ සමග මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල පතොරම් කොපු 8 ක් ද සිය භාරයට ගත් බවයි. මේ අතර ඒ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, පියෙකු සහ ඔහුගේ පුත්‍රයින් දෙදෙනා එලෙස අත්අඩංගුවට ගත් බවයි.