කටුනායක මාර්ගයක තිබී බෝම්බයක් නිෂ්ක්‍රීය කෙරේ

කටුනායක ගුවන්තොටුපොළ ආසන්නයේ මාර්ගයක තිබී බෝම්බයක් නිෂ්ක්‍රීය කෙරේ

by Staff writer 22-04-2019 | 12:13 AM
COLOMBO (News 1st) - මීට ටික වේලාවකට පෙර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ ආඩිඅම්බලම මාර්ගයේ තිබී බෝම්බයක් නිෂ්ක්‍රීය කර තිබේ. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කැප්ටන් ගිහාන් සෙනවිරත්න මහතා සඳහන් කළේ, මාර්ගය ආසන්නයේ තිබූ සැක කටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය සොයා ගත් බව ය. මෙය මෙරට නිෂ්පාදිත බෝම්බයක් බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ වන විට ගුවන්තොටුපොළ හා ඒ අවට ආරක්ෂාව තවදුරටත් දැඩි කර තිබේ.