පාර්ලිමේන්තුව අනිද්දා රැස්වෙයි

හදිසි තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව අනිද්දා රැස්වෙයි

by Staff writer 21-04-2019 | 2:16 PM

COLOMBO (News 1st) - පවතින හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් 23 වන අඟහරුවාදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇතැයි කථානායක කාර්යාලය පවසයි.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ, මීට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කරන බවයි.