පැය 24 ක් තුළ ජනපතිගෙන් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

සිදු වූ ඛේදවාචකය ගැන සෙවීමට ජනපතිගෙන් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

by Staff writer 21-04-2019 | 10:09 PM

COLOMBO (News 1st) - අද සිදු වූ ජාතික ඛේදවාචකය සම්බන්ධයෙන් සොයා බැලීමට ඉදිරි පැය 24 ඇතුළත විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, එම පරීක්ෂණ මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ද ඇතුළත් බවයි. අදාළ සිද්ධින්වල පසුබිම සහ ඊට අදාළ වෙනත් සාධක සොයා බලා සති දෙකක් ඇතුළත එහි වාර්තාව ලබා දිය යුතු බව ද ජනාධිපති කාර්යාලය සඳහන් කළේ ය.