ලංකාවට එල්ල වූ ප්‍රහාරයන් ජනපති ට්‍රම්ප් හෙළාදකී

ශ්‍රී ලංකාවට මේ මොහොතේ උදව් කිරීමට සූදානම් බව අමෙරිකාව කියයි

by Staff writer 21-04-2019 | 4:44 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ දේවස්ථාන කිහිපයකට සහ හෝටල් කිහිපයකට එල්ල වූ ප්‍රහාරයන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙළා දැක තිබේ.

ට්විටටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පැවසූවේ, කනගාටුව පළ කරන බවයි. ඔහු සිය ට්විටටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මේ මොහොතේ ශ්‍රී ලංකාවට උදව් කිරීමට සිය රට සූදානමින් පසුවන බවයි.