වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය

by Hashini De Mel 21-04-2019 | 2:57 PM

COLOMBO (News 1st) : (3.30 PM) වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

----------------------------------------------------------------------------------------------------------------------------------------- අද (21) සවස 6 සිට හෙට (22) පෙරවරු 6 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබේ. ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා සියලුම ආගමික ස්ථාන සංචාරක හෝටල් තානාපති කාර්යාල සියලුම කතෝලික ආගමික නායකයින් ඇතුළු ආගමික ස්ථාන රජයේ වැදගත් ස්ථානවල ආරක්ෂාව තරකර ඇති බවයි.