දෙමටගොඩත් පිපිරීමක්: තිදෙනෙකු මරුට

දෙමටගොඩ පිපිරීමෙන් පොලිස් නිලධාරින් තිදෙනෙකු මරුට

by Hashini De Mel 21-04-2019 | 3:06 PM

COLOMBO (News 1st) - Update: දෙමටගොඩ පිපිරීමෙන් පොලිස් නිලධාරින් තිදෙනෙකු මිය ගොස් ඇති බව අප වාර්තාකරු පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, නිවසක් පරීක්ෂා කිරීමට ගිය දෙමටගොඩ පොලිස්ථානයේ නිලධාරීන් තිදෙනෙකි.

--------------------------------------------------------------------------------------------------------------------

දෙමටගොඩ, මහවිල උද්‍යාන පාර නිවාස සංකීර්ණයක් අසළ පිපිරීමක් සිදුව තිබේ.

එම පිපිරීමෙන් තුවාල ලැබු තුන්දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. දෙමටගොඩ පිපිරීම සිදු වූ නිවස ඉදිරිපිට තව ත් නිවසක පුපුරන ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරක් මත ආරක්ෂක අංශ එම නිවසේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.