පාස්කු ඉරිදා අද යි...

ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කෙරෙන පාස්කු ඉරිදා අද යි

by Staff writer 21-04-2019 | 6:51 AM

COLOMBO (News 1st) - ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කරමින් ලොව පුරා කිතුනු බැතිමතුන් අද පාස්කු ඉරිදා සමරති.

ඒ වෙනුවෙන් සියලු දේවස්ථානවල දේව මෙහෙයන් පැවැත්වෙන්නේ කුතුනු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් ය. මේ අතර පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූවේ, පාස්කුව එළඹෙන්නේ ආදරය, සාමය සහ අන්න්‍යෝන්‍ය ගෞරවයෙන් යුතුව නැගී සිටින මිනිස් සමාජයක් පිළිබඳ අපේක්ෂා සිත් තුළ දල්වමින් බවයි. ලොව මිනිසුන්ට ජීවත්විය හැකි සාමකාමී නවාතැනක් වන්නේ සියලු ආකාරයේ හිංසනයන් හා පීඩාවන් දුරු වූ කලෙක බව ද ජනාධිපතිතුමා සිය පණිවුඩයෙන් පෙන්වා දෙයි. මේ අතර පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ආලෝකය වෙතට යන මාවත කොතරම් දුෂ්කර වුව ද ප්‍රේමයේ සහ කැපවීමේ ජීවිතයක් තුළින් ජයග්‍රහණය අත්කර ගත හැකි බව ක්‍රිස්තුන්වහන්සේ අපට පෙන්වා දෙන බවයි. සෑම ජීවිත අභියෝගයකම, අරගලයකම, අවසානයේ බලාපොරොත්තුවක් ඇති බව පාස්කු ඉරිදා අපට කියාදෙන වැදගත්ම පාඩම බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.