ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 21-04-2019 | 6:29 AM

දේශීය පුවත්

1. වැඩ කරන ජනතාවගේ EPF අරමුදල් කොල්ලයේ සැඟවුණු විත්ති: මෙරට වැඩ කරන ජනතාවගේ අරමුදල්වලින් ගොඩනැගුණු විශාලතම අරමුදල ලෙස සැලකෙන සේවක අර්ථසාධක අරමුදල දේශපාලන වංචනිකයින්ගේ ග්‍රහණයට නතු වූ අවස්ථා රැසක් අනාවරණය වී තිබේ. 2. කුමන ආරක්ෂිත ද?: කුමන ජාතික වනෝද්‍යානයේදී දිවියෙකුගේ ගොදුරක් බවට පත් වූ කම්කරුවාගේ අවසන් කටයුතු ඊයේ සිදු කෙරිණි. 3. ඉල්ලීමක් ලැබුණොත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඉදිරිපත් වෙනවා – කථානායක: ඉල්ලීමක් ලැබුණොත් තමා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සිතා බලන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි. 4. කටුනායකට ගොඩබෑමට තිබූ ගුවන් යානයක් අධික වර්ෂාව නිසා මත්තලට හරවා යැවේ: කටුනායක ගුවන්තොටුපොළට ගොඩබෑමට සැලසුම් කර තිබූ ගුවන් යානයක් අධික වර්ෂාව හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හරහා යවා තිබේ.

විදෙස් පුවත්

5. පේරු හිටපු ජනපති පෙඩ්‍රෝ පබ්ලෝට වසර තුනක සිරදඬුවමක්: පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකු වන පෙඩ්‍රෝ පබ්ලෝට එරට අධිකරණයකින් වසර තුනක සිරදඬුවම් නියම කර තිබේ.