අරුවක්කාඩුවලට පුත්තලමේ කුණු තවමත් බැහැර කර නැහැ...

අරුවක්කාඩු කසළ රඳවනයට පුත්තලමේ කුණු තවමත් බැහැර කර නැහැ....

by Staff writer 21-04-2019 | 8:30 AM

COLOMBO (News 1st) - අරුවක්කාඩු කසළ රඳවනය විවෘත කර මසකට අධික කාලයක් ගතවූව ද මෙතෙක් පුත්තලම දිස්ත්‍රික්කයේ කිසිදු පළාත් පාලන ආයතනයක් එහි කසළ බැහැර කර නොමැති බව බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කළේ, විශාල පිරිවැයක් දරා ඉදි කළ කසළ රඳවනයෙන් ප්‍රයෝජන නොගැනීමෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවගේ කසළ ගැටලුව තවදුරටත් උත්සන්න වනු ඇති බවයි. අරුවක්කාඩු කසළ රඳවනය සම්බන්ධයෙන් ජනතාව අතර පවතින වැරදි මතය මීට එක් හේතුවක් බව ද ඔහු පෙන්වා දෙයි. දැනට ඉදිකිරීම් නිමවා ඇති කොටසට දෛනිකව කසළ මෙට්‍රික්ටොන් 300 ක් බැහැර කළ හැකි ය. මේ අතර කසළ රඳවනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව ජනාධිපතිතුමා ලබන සතියේ සාකච්ඡාවක් කැඳවා ඇති බව ද ලේකම්වරයා පැවසුවේ ය. ඒ සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට මෙන්ම දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු වගකිවයුතු සියලු අංශ සහභාගිවීමට නියමිතයි.