රාවනා - 1 ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට

රාවනා - 1 ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට

by Staff writer 20-04-2019 | 7:14 AM

COLOMBO (News 1st) - රාවනා - 1 චන්ද්‍රිකාව ඊයේ පස්වරු 6.30 ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත භාරදී තිබේ.

ඒ, තව ත් අභ්‍යවකාශ යානයක් හරහායි. ශ්‍රී ලංකාවේ නාමය ගෝලීය අභ්‍යවකාශ යුගයේ සනිටුහන් කරමින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නිෂ්පාදනය කළ රාවනා වන් චන්ද්‍රිකාව, නාසා ආයතනයට අයත් අමෙරිකාවේ වර්ජිනියාහි පිහිටි මධ්‍ය අත්ලාන්තික් ප්‍රාදේශීය අභ්‍යවකාශ තොටුපොළෙන් පෙරේදා අලුයම 2.16 ට අභ්‍යවකාශගත කෙරුණේ ඇන්ටරේස් රොකට්ටුවක ආධාරයෙන් ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරීයෙකු වන තරිඳු දයාරත්න සහ තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනයේ උපාධිධාරිනියක වන දුලානි චාමිකා විතානගේ රාවනා වන් චන්ද්‍රිකාව නිෂ්පාදනය කර තිබේ. ඔවුන් එම චන්ද්‍රිකාව නිෂ්පාදනය කර ඇත්තේ, ජපානයේ කියුෂු තාක්ෂණික ආයතනයේ අභ්‍යවකාශ ඉංජිනේරු තාක්ෂණය හදාරමින් සිටින අතරතුරයි.