රඹෑවේදී අකුණු සැර වැදීමෙන් තරුණයෙකු මරුට

රඹෑවේදී අකුණු සැර වැදීමෙන් තරුණයෙකු මරුට

by Staff writer 20-04-2019 | 3:54 PM
COLOMBO (News 1st) - රඹෑව, ගෝනෑව ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් තරුණයෙකු මිය ගොස් තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ, සිය නිවසේ මුළුතැන්ගෙයි තෙල් සිඳීමේ කටයුතුවල නිරතව සිටි 19 හැවිරිදි තරුණයෙකි. අකුණු සැර වැදීමෙන් කම්පනයට පත් වූ තවත් අයෙකු අනුරාධපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. අප වාර්තාකරු පැවසුවේ, අකුණු සැර වැදීම හේතුවෙන් නිවසේ සිටි මිය ගිය තරුණයාගේ මව, පියා සහ නැගණිය ද කම්පනයට පත්ව ඇති බව ය.