පෙඩ්‍රෝ පබ්ලෝට වසර තුනක සිරදඬුවමක්

පේරු හිටපු ජනපති පෙඩ්‍රෝ පබ්ලෝට වසර තුනක සිරදඬුවමක්

by Staff writer 20-04-2019 | 7:53 AM

News 1st - පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකු වන පෙඩ්‍රෝ පබ්ලෝට එරට අධිකරණයකින් වසර තුනක සිරදඬුවම් නියම කර තිබේ.

ඒ, අල්ලස් හා දූෂණ චෝදනාවන්ට වරදකරු කරමිනි. ඔහුට එලෙස සිරදඬුවම් නියම වූයේ, පේරු රාජ්‍යයේ තව ත් හිටපු ජනපතිවරයෙකු වන ඇලන් ගාසියා සිය ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකර ගැනීමෙන් දින දෙකකට පසුවයි. අල්ලස් චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගැනීමට පොලීසිය පැමිණි අවස්ථාවේදී ඔහු එලෙස සියදිවි හානි කර ගත්තේ ය. කෙසේ වෙතත් සිරදඬුවම් නියම වූ හිටපු ජනාධිපති පෙඩ්‍රෝ පබ්ලෝට නඩු විභාගයේදී තමාට එරෙහි චෝදනා අසත්‍ය බව ප්‍රකාශ කර තිබුණි. එහෙත් එය තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීමෙන් ඔහු අදාළ චෝදනාවන්ට වරදකරු කරමින් සිරදඬුවම් නියම කර ඇත.