පුංචි මල් කැකුළක් ගල්කඩවල වැව් දියට බිළි වෙයි

දෙමව්පියන්ගේ නොසැලකිල්ල නිසා තවත් මල් කැකුළකට දිවි අහිමි වෙයි

by Staff writer 20-04-2019 | 4:24 PM
COLOMBO (News 1st) - අනුරාධපුර රළපනාව ගල්ගඩවල ප්‍රදේශයේ 5 හැවිරිදි දරුවෙකු දියේ ගිලී මිය ගොස් තිබේ. එලෙස මිය ගියේ දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ බාල දරුවා වන නිමේෂ් ගිම්හානයි. නිමේෂ් ඊයේ පස්වරුවේ සිය ඥාතීන් පිරිසක් සමග ගල්කඩවල වැවේ දිය නෑමට ගොස් තිබිණි. ඥාති දියණියක කුඩා නිමේෂ් නහවා වැව් ඉවුරේ වාඩි කරවා ඇති අතර, ටික වේලාවකින් නිමේෂ් එම ස්ථානයේ නොමැති බව ඥාතීන්ට නිරීක්ෂණය වී තිබේ. පසුව ඥාතීන් නිමේෂ්ව සොයා ගල්කඩවල වැවේ සෝදිසි කිරීමක් සිදු කර ඇති අතර එහිදී වැවේ නෙළුම් කොළ අතරින් නිමේෂ්ව හමු වී තිබේ. පුංචි නිමේෂ්ගේ ජීවිතය ගල්කඩවල වැවේ එලෙස සැඟව ගියේ දරුවන් පිළිබඳ අවධානය තව තවත් වැඩි කළ යුතු බව රටටම යළිත් සිහිපත් කරමිනි.