ගම්බිම්වල ජනතාවට යළි කොළඹට ඒමට බස් රථ 3000 ක්

ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට ඒමට ඒකාබද්ධ ප්‍රවාහන මෙහෙයුමක්

by Staff writer 20-04-2019 | 6:50 AM

COLOMBO (News 1st)  - අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට පැමිණීම සඳහා ඒකාබද්ධ ප්‍රවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශය පැවසුවේ, ලංගම, දුම්රිය සහ ජාතික ගමනාගමන කොමිසම සමග ඒකාබද්ධව එම මෙහෙයුම ලබන 22 වැනි දා දක්වා ක්‍රියාත්මක බවයි. ඒ යටතේ විශේෂ දුම්රිය 11 ක් අද, හෙට සහ අනිද්දා තෙදින තුළදී ධාවනයට එක්කර තිබේ. අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට පැමිණිම සඳහා ලංගම බස්රථ 1350 ක් සහ පෞද්ගලික බස් රථ ගණන 3000 ක් යොදවා ඇතැයි ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ ය.