by Staff writer 20-04-2019 | 9:31 PM
COLOMBO (News 1st) - ඉල්ලීමක් ලැබුණොත් තමා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සිතා බලන බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
කථානායකවරයා මේ බව පැවසුවේ, අද අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මහනුවර අස්ගිරි මහා විහාරයට ගිය කථානායකවරයා සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.
අනතුරුව කථානායක කරු ජයසූරිය මහතා සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැ දුටුවේ මල්වතු මහා විහාරයේදී ය.
කථානායකවරයා මල්වතු පාර්ශවයේ අනු නායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන්ව ද බැහැ දුටුවේ ය.