by Staff writer 19-04-2019 | 3:14 PM
(News 1st) - 2016 වසරේ පැවති අමෙරිකානු ජනාධිපතිවරණයේදී රුසියාවේ මැදිහත්වීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ අවසන් වාර්තාව එළිදක්වා තිබේ.
රෝබට් මුලර්ගේ ප්‍රධානත්වයෙන් මාස 22ක විමර්ශන මත සකස් කළ වාර්තාව පිටු 448කින් සමන්විත ය.
එම වාර්තාවෙන් අනාවරණය කර ඇත්තේ, 2016 වසරේ පැවති ජනාධිපතිවරණයේදී එවක අපේක්ෂකයෙකු වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරණ ව්‍යාපාරය සහ රුසියාව අතර අපරාධමය සම්බන්ධයක් නොතිබූ බව ය.
කෙසේ වෙතත් මෙම වාර්තාව සකස් කිරීමේදී අමෙරිකානු ජනාධිපතිවරයා ඊට බලපැම් කළේ ද යන්න සැක සහිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
අවස්ථා කිහිපයකදීම එම කමිටුවේ ප්‍රධානියා ඉවත් කිරීමට ජනාධිපතිවරයා උත්සහ දැරීම ඊට හේතුවයි.
ඒ අනුව වාර්තාවෙන් අනාවරණය කරන කරුණු පිළිබඳ අවසන් නිගමනයකට එළැඹීමට නොහැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඉන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරණ ව්‍යාපාරයට සම්බන්ධ සාමාජිකයින් 35 දෙනෙකුට චෝදනා එල්ල වී තිබේ.
මීට පෙර නිකුත් කළ සාරංශගත තොරතුරු අඩංගු වාර්තාවෙන් යම් නොමග යැවීමක් සිදු කර ඇති බවට ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ චෝදනා කළහ.
කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතිඥවරුන් ප්‍රකාශ කර ඇත්තේ, මෙය සිය ජයග්‍රහණයක් බව ය.