සියලු පාසල්වල හෙට සහ අනිද්දා ඩෙංගු මර්දන වැඩසටහන්

සියලු පාසල්වල හෙට සහ අනිද්දා ඩෙංගු මර්දන වැඩසටහන්

by Staff writer 19-04-2019 | 3:42 PM

COLOMBO (News 1st) - සියලු පාසල් පරිශ්‍රවල හෙට (20) සහ අනිද්දා (21) ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, පාසල් පරිශ්‍ර ඩෙංගු මදුරුවන්ගෙන් තොර කලාපයක් බවට පත් කිරීම මෙහි අරමුණ බවයි. අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව මෙම වැඩපිළිවෙලේදී දෙමාපියන්ගේ සහභාගීත්වය ඇතිව පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීම මෙන්ම දුමායන කටයුතු කිරීමට ද සැලසුම් කර ඇති බව සමරවීර මහත්මිය සඳහන් කළා ය. දෙවන පාසල් වාරය සඳහා රජයේ දෙමළ හා සිංහල මාධ්‍ය පාසල් ලබන 22 වැනි දා විවෘත කෙරේ.