සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් නව නීති

සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් නව නීති ඇතුළත් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

by Staff writer 19-04-2019 | 9:36 AM
COLOMBO (News 1st) - සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් නව නීති ඇතුළත් පනත් කෙටුම්පතක් ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය පවසයි. අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ, සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් නිශ්චිත නෛතික රේගුලාසි මෙරට නීති පද්ධතිය තුළ අන්තර්ගත නොවන බව ය. මේ අතර හදිසි අවස්ථාවකදී මෙරට ජනතාවට අදාළ අංශ වෙත දැනුම් දීම සඳහා නව ජංගම දුරකතන යෙදවුමක් හෙවත් ඇප් එකක් හඳුන්වා දෙන බව ද අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ ය.