රථ වාහන දඩ මුදල්වල සංශෝධනයක්

රථ වාහන දඩ මුදල්වල සංශෝධනයක්

by Staff writer 19-04-2019 | 7:41 AM
COLOMBO (News 1st) - වමෙන් ඉස්සර කිරීමට අදාළව පනවන රුපියල් 25,000 දඩය සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, බෝහෝ දෙනා සිදු කළ ඉල්ලීම් සලකා බලා මෙම සංශෝධනය සිදු කරන බව ය. ඒ අනුව දඩ මුදල්වලට අදාළ ගැසට් පත්‍රය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කළ විට කාරක සභා අවස්ථාවේදී එම සංශෝධනය සිදු කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය. කෙසේ වෙතත් සෙසු රථ වාහන වැරදි 6 සම්බන්ධයෙන් පනවා ඇති රුපියල් 25,000 දඩය එලෙසම ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.