බක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

බුදුරදුන්ගේ දෙවන ලංකාගමනය සිදු වූ බක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

by Staff writer 19-04-2019 | 7:12 AM
COLOMBO (News 1st) - බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ බක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. මිණි පළඟක් වෙනුවෙන් චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමතයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කාළේ, අද වන් බක් පුර පසළොස්වක පොහෝ දිනක ය. එමෙන් ම බුදුන් වහන්සේට කැලණියට වැඩම කරන ලෙස මණිඅක්ඛිත නාරජුන් විසින් ආරාධනා කරණු ලැබ ඇත්තේ ද අද වන් දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් ය. එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක් පුර පසළොස්වක පොහෝ දිනක ය.