ගම්පහ, වීගොඩ සණස සමිතියේ සභාපති අත්අඩංගුවට

ගම්පහ, වීගොඩ සණස සමිතියේ සභාපති අත්අඩංගුවට

by Staff writer 19-04-2019 | 5:08 PM

COLOMBO (News 1st) - ගම්පහ, වීගොඩ සණස සමිතියේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, රුපියල් කෝටි 75 කට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි කිහිපයක් මතයි. ගම්පහ සණස නිවාස සංකීර්ණ රථගාලේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ. 44 හැවිරිදි ඔහු වීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.